Home » රෑනට මඟහැරුණු අලි සිඟිත්තා හක්කපටස් කා මරුට

රෑනට මඟහැරුණු අලි සිඟිත්තා හක්කපටස් කා මරුට

by sachintha
April 18, 2024 1:39 am 0 comment

පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ තම රෑනෙන් අතරමංව සිටි අවුරුදු දෙකහමාරක අලි පැටවකු හක්කපටස් කෑමෙන් ඊයේ (17) වැනිදා මියගොස් ඇති බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කළේය.

වැලිකන්ද සිංහපුර යුද හමුදා කඳවුරට අයත් අඹ වගා කර ඇති කොටසක එම අලි පැටවා වැටී සිටියදී ප්‍රතිකාර කිරීම සඳහා වැලිකන්ද වනජීවි කාර්යාලයට රැගෙන ඒමෙන් අනතුරුව මියගිය බව වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.

එම අලි පැටවාගේ ශරීරය වෙනත් අලින් විසින් පාගා ඇති අතර, අවුරුදු දෙකහමාරක් වයසැති අලි පැටවාට හක්කපටස් කෑම හේතුවනේ මුඛය ප්‍රදේශයේ දැඩි තුවාල සිදුව දින කිහිපයක් ආහාර ගැනීමට නොහැකිව සිට ඇති බවද වනසිංහ මහතා කීය.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT