Thursday, May 9, 2024
Home » කඳුකර කොටියා බේර ගැනීමට ගිය වෑන් රථයට වුණ දේ

කඳුකර කොටියා බේර ගැනීමට ගිය වෑන් රථයට වුණ දේ

by yasara
March 13, 2024 11:00 am 0 comment

මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

අද(13) දින අලුයම 3.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රි පාද මාර්ගයේ නෝටන්බ්‍රිජ් කිරිවන්එළිය පනත ප්‍රදේශයේදිය.

වැල්ලවාය ප්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි පිරිසක් ශ්‍රි පාද වන්දනාවෙන් පසු ආපසු වැල්ලවාය දක්වා වැන් රථය ධාවනය කරන අවස්තාවේ නෝටන්බ්‍රිජ් කිරිවන්එළිය ප්‍රදේශයේදි මාර්ගය හරහා දිව ගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල අවස්තාවේ වෑන් රථය රියදුරු පාලනයෙන් මිදි මාර්ගය අසල පිහිටි කන්ද ගැටි මෙම අනතුර සිදු වි ඇති බව පොලිසිය කියා සිටියි.

අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත. වෑන් රථය අනතුරට පත් වන අයුරු අසල පිහිටි වෙලදසැලක ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වි තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT