Saturday, April 27, 2024
Home » අගය කළ යුතු දරුවකු වෙන හැටි ටෙරන්ස් විදුහලේදී කියාදෙයි

අගය කළ යුතු දරුවකු වෙන හැටි ටෙරන්ස් විදුහලේදී කියාදෙයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

‘අගය කළ යුතු දරුවකු වන්නේ කෙසේද’ යන මැයෙන් සංවිධානය කළ ළමා ආරක්ෂාව හා රසවින්දනාත්මක වැඩසටහනක් කොළොන්නාව ටෙරන්ස් ඇන්ඩ් ද සිල්වා විද්‍යාලයේ දරුවන් හට කොළොන්නාව පුරාණ විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි .

කොළොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා සහ බියගම ප්‍රා⁣දේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරිනී රෝෂණී ද සිල්වා මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දී තිබේ. ටෙරන්ස් විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය දුම්බර සුමනවංශ හිමි, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී තමරා ස්වර්ණමාලි, උපදේශන නිලධාරිනී ඉරෝෂිමා උදයන්තිකා සහ සංස්කෘතික නිලධාරිනී අරුණි ප්‍රනාන්දු යන මහත්මීහු ද මේ සඳහා සහභාගී වූහ.

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT