Home » සබරගමුව මහ සමන් දේවාලය සංවර්ධනයට මිලියන 50ක්

සබරගමුව මහ සමන් දේවාලය සංවර්ධනයට මිලියන 50ක්

by sachintha
April 18, 2024 1:09 am 0 comment

ඇමැති වක්කුඹුර ව්‍යාපෘතියේ වැඩට මුලපුරයි

මාස 4කින් වැඩ නිමයි

 

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ රථවාහන අංගනය සහ සල්පිල් භූමිය සංවර්ධනය කිරීම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 50ක් පමණ වන අතර එම ව්‍යාපෘතිය මාස හතරකින් නිම කිරීමට නියමිතයි. ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයට, ශ්‍රී පාද වන්දනාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා නතර වීමේ පහසුකම් සැපයීමට තමන් බලාපොරොත්තු වන බවත් රත්නපුර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තමන්ට රුපියල් මිලියන 1000ක මුදලක් ලබාදී ඇති බවත් පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ රථවාහන අංගනය සහ සල්පිල් භූමිය සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සතර කොනේ පිහිටා ඇති රත්නපුර සමන් දේවාලය, මහියංගණය සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ

බළන්ගොඩ බොල්තුඹේ සමන් දේවාලය යන සමන් දේවාල හතරෙන් විශාල ජනතාවක් වන්දනාමාන කරන ප්‍රධානම සමන් දේවාලය වන්නේ රත්නපුර ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයයි.

දැනට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සිය ගණන් රථවාහන ගාල් කිරීමට සිදුවී ඇත්තේ වර්ෂාවට වතුර පිරෙන වළවල් සහිත වතුර පිරෙන ස්ථානයක වන අතර එසේම සමන් දේවාලයේ පරිසරයට එහි අලංකාරයට හානිවන අයුරින් පිහිටා ඇති තාවකාලික ටකරන් මඩු සහිත සල්පිල් වෙනුවට ස්ථිර අලංකාර සල්පිල් සංකීර්ණයක් ද ඉදිකිරීමට නියමිතයි. මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 50කි.

හිටපු පළාත් සභා හා නගර සභා මන්ත්‍රීවරුන්, සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගම්වාසීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මහින්ද අලුත්ගෙදර සහ බෙලිහුල්ඔය සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT