Home » පින්නවල සත්වෝද්‍යානය අරඹා වසර 9යි: කිරි උතුරවා කේක් ගෙඩියකුත් කපයි

පින්නවල සත්වෝද්‍යානය අරඹා වසර 9යි: කිරි උතුරවා කේක් ගෙඩියකුත් කපයි

by sachintha
April 18, 2024 1:08 am 0 comment

අපේ රටේ දෙවැනි සත්වෝද්‍යානය ලෙස සැලකෙන රඹුක්කන පින්නවල සත්වෝද්‍යානය ආරම්භ කර ඊයේට (17) වසර 9ක් පිරීම නිමිත්තෙන් චාම් උත්සවයක් සත්වෝද්‍යානය පරිශ්‍රයේදී පෙරවරුවේ පැවැත්විණි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රන්ජන් මාරසිංහ මහතාගේ උපදෙස් පරිදි පින්නවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා, ගණකාධිකාරී දිලුෂි මීදෙණිය මහත්මිය ඇතුළු නිලධාරි මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති මේ උත්සවයේදී සත්වෝද්‍යාන පරිශ්‍රයේදී කිරි උතුරවා විශේෂයෙන් සැකසුණු කෙක් ගෙඩියක් කපා 9 වන සංවත්සරය සැමරීය.

2015 වසරේ අප්‍රේල් 17 වැනි දින එවකට දින 100 ආණ්ඩුව සමයේ විෂය භාර ඇමැතිවරයා වශයෙන් සිටි සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පැවරිණි.

රඹුක්කන උතුර සමූහ විපුල එස්. කුමාරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT