Wednesday, May 8, 2024
Home » යාප­නේ රෝහ­ලේදී මොළේ උණ හැදී රෝගි­යකු මිය ගිහින්

යාප­නේ රෝහ­ලේදී මොළේ උණ හැදී රෝගි­යකු මිය ගිහින්

උතුරේ සෞඛ්‍ය බල­ධා­රීහු විම­ර්ශන අර­ඹති

by damith
April 27, 2024 12:26 am 0 comment

මොළයේ උණ රෝගය හේතු­වෙන් යාප­නය ශික්ෂණ රෝහ­ලේදී පුද්ග­ල­යකු පෙරේදා(25) මිය­යෑ­මත් සමඟ උතුරේ සෞඛ්‍ය බල­ධා­රීන්ගේ අව­ධා­නය ඒ වෙත යොමු වී තිබේ.

යාප­නය ශික්ෂණ රෝහ­ලේදී මොළේ උණ රෝගය වැලදී මිය­ගිය පුද්ග­ලයා මන්නා­රමේ පදිං­චි­ක­රු­වෙකි. ඔහුට උණ රෝගය වැල­දී­මෙන් පසු මන්නා­රම රෝහ­ලෙන් ප්‍රති­කාර ලබා ගෙන ඇති අතර එම රෝගය සුව නොවීම නිසා ඔහු යළි මන්නා­රම රෝහ­ලට ඇතු­ළත් වී ඇත.

එහිදී රෝගය උත්සන්න වීමෙන් පසු රෝගියා යාප­නය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවී­මෙන් පසු එහි ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මිය­ගොස් තිබේ.

මන්නා­රම පල්ලි­මුනේ ප්‍රදේ­ශයේ ජෝන් ද්‍රාවි­යම් කුමා­ර­සෙන් නැමති මේ පුද්ග­ලයා මොළේ උණ රෝග­යෙන් මිය­යෑ­මත් සමඟ මන්නා­රමේ සෞඛ්‍ය නිල­ධා­රීන් ඔහුගේ ගමන් ඉති­හා­සය හා පවුලේ තොර­තුරු විම­සීමේ මූලික පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇති අතර ඔහුට එම රෝගය වැල­දුණු ආකා­රය සෙවී­මට වෙනම පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබේ.

මොළේ උණ රෝගි­යකු උතුරු පළා­තෙන් හමු වී ඇත්තේ වසර ගණ­නා­ව­කට පසුව හෙයින් මේ සම්බ­න්ධ­යෙන් දීර්ඝ විම­ර්ශ­න­යක් කිරී­මට සෞඛ්‍ය බල­ධා­රීන් පිය­වර ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT