Thursday, May 9, 2024
Home » පිරමීඩ් ජාවාරම මැඩලීමට නීති යාවත්කාලීන කිරීමට අවධානය

පිරමීඩ් ජාවාරම මැඩලීමට නීති යාවත්කාලීන කිරීමට අවධානය

by chanaka
August 14, 2023 2:48 pm 0 comment

පිරමීඩ් යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බවත් , මේ වන විට එය සමාජ පිළිළයක් බවට පත්ව ඇති බැවින් ඒවා මැඩලීම සඳහා දැඩි දඩුවම් පැනවිය යුතු බවත්, පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් නීතී යාවත්කාලීන කිරීම සිදුකළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය් රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රුවන්වැල්ල – යටන්වල ප්‍රදේශයේ අද (14) පැවති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ , මහ බැංකුව විසින් 1988 අංක 30 දරණ බැංකු පනත අනුව පිරමීඩ ජාවාරමේ යෙදෙන ආයතන 08 ක් සෘජුවම නම් කොට තහනම් කළ බවත්, එසේම තවත් විවිධ ආකාරයෙන් පිරමීඩ් ජාවාරමේ යෙදෙන ආයතන සියල්ල තහනම් බවට මහ බැංකුව ප්‍රකාශ කළ බවත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT