Home » වෛද්‍ය ශාන්ති ගීතිකා රත්නවර්ධන කොළඹ මහා නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස පත් වේ

වෛද්‍ය ශාන්ති ගීතිකා රත්නවර්ධන කොළඹ මහා නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස පත් වේ

by sachintha
March 27, 2024 2:54 am 0 comment

කොළඹ මහ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස වෛද්‍ය ශාන්ති ගීතිකා රත්නවර්ධන මහත්මිය ඉකුත්දා පත්විය.

නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලෙස කාලයක් කටයුතු කරමින් සිටි රුවන් ද එස් විජයමුණි මහතා විශ්‍රාම ගැනීමත් සමඟ 2014 සිට නගර සභාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය මෙලෙස ප්‍රධාන තනතුරට පත්ව සිටී.

කොළඹ මහ නගර සභාවේ 1902 වසරේදී පිහිටුවනු ලැබූ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි වෛද්‍යවරුන් වෛද්‍යවරියන් ගණනාවක් සේවය කොට තිබේ.

එම වෛද්‍යවරුන් අතරින් සුරංජනී සිල්වා, තිස්ස සෙනෙවිරත්න, ප්‍රදීප් කාරියවසම් සහ රුවන් ද එස් විජයමුණි ප්‍රධානීන් ලෙස සේවය කොට ඇත.

1919 වසරේදී කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය සේවයට එක් වූ රත්නවර්ධන මහත්මිය 2000දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක ලෙසත්, 2014 වසරේදී නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි තනතුරටත් පත්වී 33 වසරක් තිස්සේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ යන පාර්ලිමේන්තු කොට්ඨාස නියෝජනය කරමින් මුළු මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටුවා තිබෙන බෙහෙත් ශාලා පාලනය කරමින් ලක්ෂ සංඛ්‍යාත නාගරික ජනතාවට සුවය ලබා දී ඇත. ශාන්ති ගීතිකා රත්නවර්ධන ප්‍රධාන වෛද්‍යවරිය කොළඹ 07, මියුසියස් විද්‍යාලයේ ආදි සිසුවියකි. කාලයක් කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරු අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ජයන්ත ගුරුගේ මහතා එතුමියගේ ස්වාමිපුරුෂයා වෙයි.

මැද කොළඹ සමූහ ඒ.ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT