Home » මොනරාගල රාජකීය විදුහලට වසර 55ක් නිමිත්තෙන් පින්කම්

මොනරාගල රාජකීය විදුහලට වසර 55ක් නිමිත්තෙන් පින්කම්

by sachintha
March 28, 2024 1:16 am 0 comment

මොනරාගල රාජකීය ජාතික පාසලට වසර 55ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ පින්කම් රැසක් පෙරේදා (26) විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි. 26 දා පහන් පූජාවක් සමඟ සම්බුද්ධ වන්දනාවක් පවත්වා එදින රාත්‍රි 07.00 සිට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින භික්ෂූන් වහන්සේලා 55 නමකට සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි. විද්‍යාලයේ විදුහල්පති චමින්ද දේශප්‍රිය අත්තනායක, ආදි ශිෂ්‍ය සංගමය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ මවුපියන් විසින් පින්කම සංවිධාන කරන ලදි.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී. එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT