Home » දකුණු පාකිස්තානයේ ගංවතුරෙන් 39ක් මරුට

දකුණු පාකිස්තානයේ ගංවතුරෙන් 39ක් මරුට

by sachintha
April 17, 2024 1:38 am 0 comment

දකුණු පාකිස්තානයට ඇද හැලුණු අසාමාන්‍ය වර්ෂාපතනයක් හේතුවෙන් පුද්ගලයන් 39 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන් ඇතැම් පුද්ගලයන් තිරිඟු අස්වනු කපමින් සිටියදී වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ගොවි බිම් සහ මහාමාර්ග රැසක් වර්ෂාවත් සමඟ උද්ගත වූ ගංවතුරට යට වී ඇතැයි ද, විදුලිය සහ ප්‍රවාහන පද්ධතිය මුළුමනින්ම බිඳ වැටී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය වර්ධනය වනු ඇතැයි එරට කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කර ඇති අතර, අධික ගංවතුර සහ නායයෑම් සිදුවීමේ අවදානම වැඩි බවට ද අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT