Home » ඉරාන මිසයිල ව්‍යාපෘතියට සම්බාධක පනවන්නැයි ඊශ්‍රායලය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි

ඉරාන මිසයිල ව්‍යාපෘතියට සම්බාධක පනවන්නැයි ඊශ්‍රායලය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි

by sachintha
April 17, 2024 1:40 am 0 comment

වසර ගණනාවක් පුරා බටහිර රටවල දැඩි අවධානයට ලක් වී ඇති ඉරානයේ මිසයිල ව්‍යාපෘතියට සම්බාධක පනවන ලෙස ඊශ්‍රායලය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලය මේ ඉල්ලීම කර ඇත්තේ පසුගියදා ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය.

මීට සති දෙකකට පෙර සිරියාවේ දමස්කස් නුවර පිහිටි ඉරාන කොන්සියුලර් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ඉරාන විප්ලවීය හමුදාවේ ෙජ්‍යෂ්ඨ නිලධාරින් 7 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට ප්‍රතිචාර දක්වමින් ඉරානය එම ප්‍රහාරය එල්ල කර තිබූ අතර, ඉරානයේ සිට පමණක් නොව ඉරාකය, සිරියාව සහ යේමනය දෙසින් එම මිසයිල ප්‍රහාර එල්ල වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබිණි. ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර නොදක්වන මෙන් අමෙරිකාව ඇතුළු මිත්‍ර රටවල් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළද, පෙරේදා රැස් වූ ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධව ගත් තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT