Home » තිඹිරිගස්කටුව මාරිස්ටෙලා කෝට්ටේ ජනාධිපති අවසන් පූර්ව ගැටුම අද සිට

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා කෝට්ටේ ජනාධිපති අවසන් පූර්ව ගැටුම අද සිට

by sachintha
April 17, 2024 1:34 am 0 comment

 

වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර අවසන් පූර්ව තරගය අද (17) සහ හෙට (18) පන්නිපිටිය ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය පළමු වටයේදී ‘වයි‘ කාණ්ඩයේ ශූරයින් ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර පළමු වටයේදී ‘එක්ස්‘කාණ්ඩයේ අනු ශූරයින් ලෙසින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී ජා ඇල ක්‍රිස්තුරාජ විදුහල පරාජය කරමින් සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

යොහාන් ප්‍රනාන්දු තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, ඉෂාර අම්බලන්ගොඩගේ කෝට්ටේ ජනාධිපති විද්‍යාල පිල මෙහෙයවයි.

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයීය සංචිතය: යොහාන් ප්‍රනාන්දු (නායක), සොනාල් නෙත්මිණ (උප නායක), සමෝද් අප්පුහාමි, රවිඳු රාජපක්ෂ, ශවීන් පෙරේරා, නදීෂ රාජකරුණා, මනීෂ නිම්සර, සෙනේෂ් පංචම, සුවහස් යාපා, විශ්ව පීරිස්, එස්. අංජන, නවංජය සදෙව්, ඔමිත් පෙරේරා, ඇන්තනි ෆ්‍රැන්සිස් සහෝදරතුමා (කණ්ඩායම් භාර ආචාර්ය), මෙවන් ප්‍රනාන්දු මහතා (පුහුණුකරු)

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය සංචිතය: ඉෂාර අම්බලන්ගොඩගේ (නායක), දිනෙත් අරෝෂ (උපනායක), මලිඳු රත්නායක, දහම් නිශ්ශංක, කවීෂ පිලිප්පුගේ, චනුල් ජයවර්ධන, පුන්සර හංවැල්ල, තිසාත් හෙට්ටිආරච්චි, නෙවින්ද මහදේවගේ, ශෙහංක අබේරත්න, ප්‍රහේෂ්‍ර අබේරත්න ,

නදිල කංකානම්ගේ, සසිඳු මුහන්දිරම්ගේ, යොහාරා වීරසූරියආරච්චි, හිරුෂ හේවගේ, රුවිෂ්ක කුරේ, ශානක පරණමාන්න, සිතුම් හෙට්ටිආරච්චි, ටී.ජී. අචින්ත උදයංග මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), මේනක ජයසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), නිරෝෂ් රණතුංග මහතා (සහාය පුහුණුකරු), කවිඳු සමරතුංග මහතා (සහාය පුහුණුකරු)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT