Home » ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් එරට ළමා නිවාසයකට ආහාර ද්‍රව්‍ය තොගයක්

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් එරට ළමා නිවාසයකට ආහාර ද්‍රව්‍ය තොගයක්

by sachintha
April 17, 2024 1:00 am 0 comment

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,ටෙහෙරානයේ පිහිටි ළමා නිවාසයකට ආහාර ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කර තිබේ.ශුද්ධ වූ රාමසාන් මාසය සනිටුහන් කරමින්,ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ටෙහෙරානයේ ලාභ නොලබන ළමා පුණ්‍යායතනයක් වන කෙරමට් ඔපනේජ් (Keramat Orphanage) අසරණ දරුවන් සඳහා වූ නිවෙසකට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එම පරිත්‍යාගය භාරගත් ළමා නිවාසයේ කළමනාකාරිනී අරෙසෝ සල්මානි මහත්මිය,ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපොන්සු මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට සිය ප්‍රණාමය පිරිනමා තිබේ.
ළමා නිවාසයට පරිත්‍යාග කළ භාණ්ඩ අතර සහල්,ලංකා තේ,පිසින තෙල් සහ රස කැවිලි අන්තර්ගත වන අතර මේ අවස්ථාවට එක්වෙමින් තානාපතිවරයා ප්‍රකාශ කළේ රාමසාන් මාසය නිසා අසරණ වූවන් වෙත අත දිගු කරන ලෙස සිහිපත් කරන බවත් එය ජනතාවට පුණ්‍ය කටයුතුවල නිරත වීමට අවස්ථාවක් වන බවත්ය. ප්‍රීතිමත් ඊද්-උල්-ෆිතර් උත්සවයේ දී දරුවන්ට සහ සියලුම ඉරාන මිතුරන්ට ශ්‍රී ලංකා තානාපතිවරයා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT