Home » දික්පිටිගොඩ ලහිරුගේ කුඩු බෙදන සහායකයා අයිස් සමඟ දැලේ

දික්පිටිගොඩ ලහිරුගේ කුඩු බෙදන සහායකයා අයිස් සමඟ දැලේ

by sachintha
April 17, 2024 1:00 am 0 comment

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මාකිලංගමුවේ සංජීවගේ, මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ගෝලයා වන දික්පිටිගොඩ ලහිරුගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින සහයකයා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත රාගම පොලිස් වසමේ කැන්දලියද්දපාළුව, ගල්වළවත්ත ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 526ක් සන්තකයේ තබාගෙන සිටි රාගම, ගල්වළවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන “මාකිලංගමුවේ සංජීව” නමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන මේ වන විට විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන “දික්පිටිගොඩ ලහිරු” නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින සහයකයා මොහු බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. සැකකරු 2018.12.06 වැනි දින හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ අධිකාරී එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක එස්. කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT