Home » කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙක් කුඩුත් එක්ක අල්ලයි

කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙක් කුඩුත් එක්ක අල්ලයි

by sachintha
April 17, 2024 1:00 am 0 comment

ප්‍රබල පාතාල අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ යන අයගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 35ක්, විදේශ රටක නිෂ්පාදිත රිවොල්වර අවියක් සහ උණ්ඩ කිහිපයක් සමඟ පෑලියගොඩ විශේෂ පාතාල අපරාධ මැඬලීමේ ඒකකය විසින් ඊයේ (16) මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාතාල අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ යන අයගේ ගෝලයකු වන දැනට ඩුබායි සැඟව සිටින අවිශ්ක මදුසංක නොහොත් කිරි කොල්ලා නමැති සැකකරුගේ අපරාධ සහායකු වන නේරංජ ලක්මාල් මුණසිංහ (අවු.44) නමැත්තකු වන අතර මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමඟ රැඳී සිටි 25 හැවිරිදි මීගමුව කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරියක ද හෙරොයින් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 21ක් සමඟින් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.
රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT