Home » යාපනයෙන් මත් පෙති තොගයක් සොයා ගැනෙයි

යාපනයෙන් මත් පෙති තොගයක් සොයා ගැනෙයි

by yasara
April 26, 2024 11:07 am 0 comment

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා තහනම් මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු ‍‍ඊයේ (25) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත යාපනය පොලිස් වසමේ යාපනය, කස්තුරියා මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අනාවරණය කරගත් තොරතුරු අනුව ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා තහනම් වර්ගයේ මත්කරල් 1,400 ක් සන්තකයේ තබාගෙන සිටි කොකුවිල් බටහිර, යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක තරුණයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT