Home » තීරණය වෙනස් කරමින් කෘෂිකර්ම ඇමති ඉරානයට යයි

තීරණය වෙනස් කරමින් කෘෂිකර්ම ඇමති ඉරානයට යයි

by chanaka
April 26, 2024 2:56 pm 0 comment

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉරානයේ නිල චරිකාවක් සඳහා අද (26) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ මහතා සහභාගි වන අතර ඉරාන කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

ඉරානයේ පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට යාමට නියමිතව තිබුනත්, ඒ සදහා සහභාගි නොවීමට අමාත්‍යවරයා තීරණය කර තිබුනේය. නමුත් පසුගියදා මෙරටට පැමිණි ඉරාන ජනාධිපතිවරයා හා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මෙම EXPO ප්‍රදර්ශනයට සහභාගි වෙන ලෙස කළ ඉල්ලීමක් අනුව නැවත තම තීරණය වෙනස් කළ අමාත්‍යවරයා අද පෙරවරුවේ ඉරානය බලා පිටත්විය.

ඉරානයේ දී එරට කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht මහතා හමුවී සිදුකරන සාකච්ඡාවේ දී විශේෂයෙන් නව කෘෂි තාක්ෂණික හුවමාරුව සම්බන්ධව සාකච්ඡා කිරීමට අදහස් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT