Home » රජඇළගම අවුරුදු උත්සවයේ ග්‍රීස් ගස කඩාවැටෙයි – තරගකරු­ෙවා් හතරක් රෝහලේ

රජඇළගම අවුරුදු උත්සවයේ ග්‍රීස් ගස කඩාවැටෙයි – තරගකරු­ෙවා් හතරක් රෝහලේ

අවුරුදු උත්සවේදී කැඩී ඇති ග්‍රීස් ගස

by sachintha
April 17, 2024 1:22 am 0 comment

 

අලුත් අවුරුදු උත්සවය සඳහා නැකතට අනුව මුලින්ම සෑදූ ග්‍රීස් ගස කඩා වැටි සිවු දෙනකු රෝහල් ගත කර ඇතැයි ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි.

ගම්පොළ ගම්පලවෙල රජඇළගම අවුරුදු උත්සවයේ දී මෙම අනතුර සිදුව තිබේ.

පහළොව දින පැවැති මේ අවුරුදු උත්සවය සඳහා අවට ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටි අතර විවිධ ඉසව් සඳහා විශාල තරඟකරුවන් රැසක් ද ඉදිරිපත්ව සිට ඇත.

ග්‍රීස් ගස සඳහා රුපියල් පහළොස් දහසක තෑග්ගක් සංවිධායක මණ්ඩලය විසින් වෙන් කර තිබූ අතර ඒ සඳහා ගස් නැඟීමට කප් ගැසූ තරුණයන් පස් දෙනකු ඉදිරිපත්ව සිටියහ. මෙම කණ්ඩායම දිරි ගන්වමින් අවුරුදු උත්සවය සඳහා සහභාගී වී සිටි පිරිස් ද එකතු කරගත් තවත් රුපියල් හත්දහසක මුදලක් ද එයට එක් කර තිබුණි.

පැය ගණනක උත්සාහයකින් පසු එකිනෙකාගේ කරමතින් නැඟී සිටිමින් කණුව උඩ ගසා ඇති කොඩිය ගැනීමට සූදානම් වූවා පමණයි පස්දෙනෙකුගේ බර දරා ගැනීමට නොහැකි වූ ග්‍රීස් ගස මුලින්ම කැඩී බිමට වැටුණේ තරුණ පිරිසද සීසී කඩ විසි කරමිනි.

සංවිධාක මණ්ඩලය වාහාම ඔවුන් ගම්පොළ රෝහලට ඇතුළත් කළ අතර එයින් සිවු දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ගැන්වීමට නතර කළ අතර ඔවුන්ගේ එක්ස්රේ පවා ගැනීමත් සිදුකර ඇත.

කිසිවකුටත් එතරම් හානියක් නොවී තිබීමෙන් අවුරුදු උත්සවය අවසන් අවස්ථාවේ ඔවුන් ඒ සඳහා නැවත එක්විය.

මෙහිදී රැස්ව සිටි පිරිස් යළිත් කැමැත්තෙන්ම මුදල් එකතු කොට ඔවුන්ට පිරිනැමුවේ ඔවුන්ගේ අවශ්‍ය ප්‍රතිකාරයන් සඳහාය.

අවසානයේ මේ පිරිසට ග්‍රීස් ගසේ ශූරතාවය වූ රුපියල් 15000 සමඟ සම්පූර්ණ මුදල රුපියල් තිස් හත්දහසක් ලබාදීමට පියවර ගත්තේ ග්‍රීස් ගස කඩා වැටීමෙන් සිදුවූ අකරතැබ්බය සලකාය. මෙම ග්‍රීස් ගස සඳහා උපයෝගී කරගත් පුවක්‌ ගස උඩු යටිකුරු කර සිටුවීම නිසා එහි දල්ල කොටස ශක්තිමත් නොවී ම එම ගස මෙලෙස බිමට පාත් වීමට හේතු වී ඇති බව ඇත්ගාල පොලිසිය කළ පරීක්ෂණයේ දී හෙළි වී ඇත.

පොලිසිය අතින්ම මෙම ත්‍යාග මුදලද මෙම කණ්ඩායමට පිරිනැමිණ.

ගම්පොළ සමුහ-සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT