ප්‍රින්ස් උදය ප්‍රියන්තට උදව්වක්.... | දිනමිණ

ප්‍රින්ස් උදය ප්‍රියන්තට උදව්වක්....

ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා මේ වනවිට දැඩි ලෙස ගිලන්ව කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඔහුගේ සොහොයුරිය වන ශිරෝමි ප්‍රියංගිකා මහත්මිය පවසයි.
 
ඉකුත් 17 වනදා ප්‍රින්ස් මහතා හදිසියේම රෝගාතුර වී ඇති අතර පසුව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී ඇත.
 
එහෙත් ඉන් සුවය නොලැබීම නිසා පසුව ප්‍රින්ස් මහතාව කොළඹ නව ලෝක රෝහලට ඇතුලත් කල බවද ප්‍රියංගිකා මහත්මිය පවසයි.
 
මේ වනවිට ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවන  ප්‍රින්ස් මහතාට පියවි සිහිය නොමැති බවත් ඇවිද ගැනීමටද නොහැකි බවත් ඇය පවසයි.
 
මේ නිසා ඔහුට ඉක්මන් සුවය පතා සහාය දක්වන ලෙස ඇය ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටි. 
 
අයි.එම්.වී.සි. ගුණසේකර.ඇල්පිටිය සමුහ.
 

නව අදහස දක්වන්න